Gossips

තවත් ආසියානු පදක්කම් බලාපොරොත්තුවක් ගිලිහේ

ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ පිහිනුම් ඉසව්වක අවසන් තරගයකට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වුණු මැතිව් අබේසිංහට, පදක්කමක් දිනා ගැනීමේ වාසනාව අද ගිලිහී ගියා.
ඒ මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් තරඟයේ 6 වැන්නා බවට පත්වීමත් සමගයි.
මේ අතර, ආසියානු ක්‍රීඩා උළෙලේදී ලද පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කබඩි සංගමයේ සභාපති අනුර පතිරණ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.