Gossips

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ජනපති කොමිසමට

ශ්‍රී ලංකන් සහ මිහින්ලංකා ගුවන් සමාගම්වල සිදුව ඇති බව කියන දූෂණ සෙවීම සදහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා එම ආයතනයන්හි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අද එහි පැමිණියා.
උදෑසන 8 යි 30 ට පමණ ඔහු කොමිසම හමුවේ පෙනී සිටියේ පළමු වරටයි.
එම ආයතනවල හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන ද අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිට තිබෙනවා.