Gossips

බහුදින යාත්‍රා හිමියන් විරෝධතාවක

බහුදින යාත්‍රා හිමි ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පවත්වන විරෝධතාවක් හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය මේ වනවිට සෙරමික් මංසන්ධියෙන් වසා දමා තිබෙනවා.
ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ පැරණි මිලටම ඉන්ධන ලබාදෙන ලෙසට බල කරමින්.
එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති විජිත් සමන්ත කියා සිටියේ කඩිනමින් ඞීසල් සහන මිලට ලබාදෙන ලෙසයි.
මේ අතර සිය යාත්‍රාව අනතුරට ලක්ව කන්කසන්තුරයට ආසන්න ගැඹුරු මුහුදේ පීනමින් සිටි දකුණු ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදාව බේරාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ මෙම පිරිස බේරාගෙන ඇති බවයි.
මසුන් මැරිම සඳහා ඔවුන් මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති අතර, එහිදී ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව සඳහන්.