Gossips

මහින්දානන්ද අලුත්ගමගේට විදෙස් ගතවීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට විදෙස් ගතවීමට කොළඹ මහාධිකරණය අද අවසර ලබාදුන්නා.
ඒ, චීනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු වැඩමුළුවකට සහභාගිවීම සඳහායි.
ලබන මස 9 වනදා සිට 17 වනදා කාලය තුළ විදෙස් ගතවීමට මෙම අවසරය ලබාදී තිබෙනවා.
මීට පෙර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට විදෙස් ගතවීම අධිකරණයෙන් තහනම් කරනු ලැබුවේ ඇමතිවරයෙකුව සිටි සමයේ අයථා ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 270ක මුදලක් යොදවා බොරැල්ල කිංසි පාරේ නිවසක් මිලදී ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන්.