පළාත් සභා සීමානිර්ණ වාර්තාව සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය ගැන සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වෙනවා.
අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ විවාදය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින්ගේ මතය එහිදී තවදුරටත් විමසා බලන බවයි.
ඊට අමතරව අද පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක්ද අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර හෙට පැවැත්වෙන සීමානිර්ණ වාර්තා විවාදයේදී ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක්ම ඊට විරුද්ධව ඡන්දය භාවිත කරන බවට දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.
ආණ්ඩුවේ පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික කම්කරු පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ දෙමළ ප්රගතිශීලී සන්ධානය ඇතුලු දේශපාලන පක්ෂ ගණනාවක් නව ඡන්ද ක්රමයටත්, ඊට අදාළ සීමානිර්ණ වාර්තාවටත් විරුද්ධව ඡන්දය ලබාදෙන බවයි ප්‍රකාශ කර ඇත්තේ.