Gossips

හවායි දූපත් කුණාටු අවදානමක

පැසිෆික් සාගරයේ හවායි දූපත් ප්‍රබල කුණාටුවකට ලක්වීමේ අවදානමක් මතුව තිබෙනවා.
අන්තර්ජාතික කාලගුණ විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙය කුණාටු වර්ගීකරණයේ හතරවන කාණ්ඩයට අයත්වන ප්‍රබල ගනයේ කුණාටුවක් බවයි.
හවායි – හොනලූලූ, ඕවාහු, මාවුයි, ලහායි, මොලකායි යන දූපත් මෙම කුණාටුවට ලක්වීමේ අවදානමක් මතුව ඇති බව සඳහන්.
හවායි ජාතික කාලගුණ සේවය පවසන්නේ පැයට කිලෝමීටර 155 ක වේගයකින් මෙම කුණාටුව හවායි දූපත් වෙත ආසන්න වෙමින් පවතින බවයි.
මේ වනවිට එය හවායි දූපත්වලට සැතපුම් 315 ක් දුරින් පිහිටා ඇති බවද වාර්තාවනවා.
හවායි ආණ්ඩුකාර ඩේවිඩ් ඊජ් මේ වනවිටත් සිය ජනතාවට පදිංචිව සිටින ස්ථානවලින් ඉවත්වීමට සූදානම් වන්නැයි දන්වා තිබෙනවා.
අන්තර්ජාතික කාලගුණ වාර්තාවන්ට අනුව මෙවැනි කුණාටුවක් අවසන්් වරට හවායි දුපත් වෙත බලපා ඇත්තේ 1959 වර්ෂයේදියි.