Gossips

අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක්

අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.
ගොවීන් නිපදවනු ලබන ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළඳපොලට ගැළපෙන පරිදි ප්‍රවර්ධනය කිරීම සඳහා මෙලෙස අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක් පිහිටුවීමටයි රජය තීරණය කර ඇත්තේ.
ඒ අනුව ගොවීන්ට අවශ්‍ය අරමුදල් පහසුකම්, තාක්ෂණය, කාර්යක්ෂම සම්පත් භාවිතය, ගොවිපල කළමනාකරණය, අස්වනු නෙලීම, ප්‍රවාහනය වැනි අංශවල පුහුණුවක්ද ලබාදීමට සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අංශය සැළසුම් කර තිබෙනවා.