Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේදී බේස් බෝල් පිරිමි කණ්ඩායමට ජයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ බේස්බෝල් පිරිමි කණ්ඩායම අද සහභාගි වු පළමු තරගයේදී ලා ඕසය ලකුණු 15ට 10ක් ලෙස පරාජයට පත් කළා.
එසේම කිලෝ ග්‍රෑම් 53 බර පංතියේ කාන්තා බර ඉසිලිමේ ඉසව්වට එක්වුනු චමරි වර්ණකුලසුරිය ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 96ක බරක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට සමත්වුණා.
කෙසේ වෙතත් ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 73ක් පමණක් එසවීම නිසා ඇයට පදක්කමක් පිළිිබද බලාපොරොත්තුව අතහැරිමටයි සිදුවුණේ.