Gossips

කොළඹ තෙත් බිම් ගොඩකිරීම් වළක්වාලීමේ නියෝගයක්

ජාතික වශයෙන් වැදගත් අවස්ථාවකදී කළ යුතු අත්‍යාවශ්‍ය ඉදිකිරීමක් හෝ සංක්‍රමණ දුම්රිය මාර්ග පද්ධති යටතේ හඳුනාගනු ලැබ ඇති ඉදිකිරීම් හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා කොළඹ අගනගර කලාපයේ තෙත් බිම් ආශ්‍රිත සියලූම ගොඩකිරීම් හා ඉදිකිරීම් වළකාලන තහනම් නියෝගයක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දැනටමත් සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති කිඹුලාඇළ සහ දියවන්නාව ආශ්‍රිත හඳුනාගෙන ඇති භූමි ප්‍රදේශ හැර අනෙකුත් තෙත් බිම් ප්‍රදේශ ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.