Gossips

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 8 දෙනා රිමාන්ඩ්

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් මරමින් සිටියදී අත්අඩංගුවට පත් වූ ඉන්දීය ධීවරයින් 8 දෙනා ලබන මස තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද පුත්තලම මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිලාවතුර – අරිප්පු මුහුදු සීමාව තුළ අනවසරයෙන් මසුන් මරමින් සිටියදී මොවුන් ඊයේ පස්වරුවේ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම ධීවරයින් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව නාවික හමුදාව භාරයේ පවතින අතර, ඔවුන් සතුව තිබූ කිලෝග්?ම් 300 කට ආසන්න මත්ස්‍ය තොගය ධීවර සංස්ථාව වෙත භාරදී ඇති බව සඳහන්.