Gossips

මන්නාරම සමූහ මිනිවළේ කැනීම් කටයුතු නැවත අරඹයි (ඡායාරූප)

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ කැනීම් කටයුතු ඊයේ (21) නැවත ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ පවසනවා.
ඔහු වැඩිදුරටත් පැවසූවේ සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිකව පසුගිය 10 වැනිදා නවතා දැමූ අතර, 56 වන දිනට ඊයේ (21) නැවත කැනීම් කටයුතු ආරම්භ කළ බවයි.
අදාළ සමූහ මිනිවළ කැනීම තුළින් වර්තමානය දක්වා මිනිස් සිරුරු 66 කට අදාළ අස්ථි කොටස් හමුවි ඇති බවත් සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 40 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර ගැනීමට හැකිවි ඇති අධිකරණ වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
කැනීම් මගින් ඉවත් කළ සිරුරු කොටස් මුද්‍රා තබා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කර තිබෙනවා.
මීට පෙරද මන්නාරම තිරුකේදීශ්වරන් කෝවිල වෙත පිවිසෙන මාර්ගයේ ජල නළ පද්ධතියක් එළීම සිදුකළ පිරිසකටද මෙවැනි ස්ථානයක් හමුවු අතර, එහිදිද මිනිස් සිරුරු 85 කට ආසන්න ප්‍රමාණයක අස්ථි කොටස් හමුවි තිබෙනවා.
කෙසේ වෙතත් මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි වාර්තා වන්නේ.

(ඡායාරූප – මාධව කුලසුරිය – රොමේෂ් මදුශංක – දිනසේන රතුගම )