Gossips

17 හැවිරිදි තරුණයෙක් බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කළ හොලිවුඩයේ ප්‍රසිද්ධ නිළිය

17 හැවිරිදි තරුණයෙකු බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කළ බව කියන හොලිවුඩයේ ප්‍රසිද්ධ නිළියක් පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Asia Argento නමැති එම නිළිය සමග මෙම තරුණයා රංගනයේ යෙදී ඇති අතර ඉන් අනතුරුවයි ඇය විසින් මෙම තරුණය රැගෙන ගොස් දූෂණය කර තිබෙන්නේ.
කෙසේ වෙතත් අදාළ තරුණයා විසින් සිද්ධිය වී වසර හතරකින් පසුවයි මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙන්නේ.
ඒ අනුව තමාට ඇතිව තිබෙන ආතතිය හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක වන්දියක් ඉල්ලා එම තරුණයා Asia Argento එරෙහිව නඩුවක් පවරා තිබෙනවා.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් Asia Argento පවසා තිබෙන්නේ.තමා විසින් එවැනි සිද්ධියක් සිදු නොකළ බවත් එම තරුණයාගේ මානසික මට්ටම සලකා බලා එල්ලූ මුදලින් කොටසක් ලබාදෙන බවයි.