Gossips

ජාවාරම්වල යෙදෙන පිරවුම්හල් හිමිකාරිත්වය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

භූමිතෙල් සම්බන්ධ නීතිවිරෝධී කටයුතුවල නිරත වන හෝ ඊට සහය වන පිරවුම්හල් නියෝජිතයින්ගේ, නියෝජිත හිමිකාරිත්වය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මේ බව කියා සිටියා.