Gossips

වැටුප් විෂමතා ඉවත් කිරීමේ කොමිසමේ සාමාජිකයන් ගැසට් කෙරේ

සියලූම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වන කොමිසමේ සාමාජිකයන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එස්. රනුග්ගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවට සාමාජිකයන් 15 දෙනෙකු ඇතුලත්.
රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබද දීර්ඝ අධ්‍යයනයකින් පසු එම විෂමතා අවම කිරීම සහ ප්‍රශස්ත වැටුප් ව්‍යුහයක් රාජ්‍ය අංශය වෙත ලබාදීම, ශ්‍රම වෙළදපොළ තුළින් සුදුසුකම් සහිත නිලධාරීන් බදවා ගැනීම යන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරෙන කාර්යයන් වනවා.
මාස 2ක කාලසීමාවක් ඇතුළත මෙම කොමිසම මගින් අදාළ නිර්දේශ ඉදිරිපත් කරනු ඇති.