Gossips

මෝදර වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

මෝදර ප්‍රදේශයේදී කොළඹ නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණපිල්ලේ කුරුබානන්දන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දුන් සැකකරුවෙකු මාදම්පිටිය ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු එම ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි සම්මුඛ රාජා රංජිත් කුමාර් නොහොත් කළු මල්ලී නමැත්තෙකු බවයි පොලීසිය කියා සිටියේ.
කෙසෙල්වත්ත අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී පසුගිය මාර්තු මස 7 වනදා සොයා ගත් ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලී නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ හිස ගෙනවිත් දැමූ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ කරුණු මත මෙම සැකකරු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැණුනා.
අදාළ සැකකරුවන් දෙදෙනා සොහොයුරන් වන අතර, මාකදුරේ මදූෂ් නමැති පාතාල නායකයාගේ සමීපතමයින් බවයි පොලීසිය සදහන් කළේ.
මොවුන් පෙරේදා දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.