Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් පළමු ත්‍රි රෝද රථය මතුගමට

හිරුගේ අභිමානවත් 20 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් නාලිකාව වන හිරු TV ඉතිහාසය උඩු යටිකුරු කරමින් දැවැන්තම තෑගි කන්දරාවක් ලබා දීම පසුගියදා ඇරඹුනා.
ශ්‍රී ලාංකීය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගී කන්දරාව ලබාදෙමින් "හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සක්" පළමු අදියරේදි ලක්ෂ 500කට අධික Mahindra e20" මෝටර් රථ 20ක් හිරු TV ප්‍රේක්ෂක ඔබ වෙත පිරිනැමුනා.
එහි දෙවැනි අදියර ලෙස "හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක්" ලබාදීම අද ආරම්භ කෙරුණා
ඒ අනුව අද දිනයේ ත්‍රී රෝද රථයක ජයග්‍රහනය කල වාසනවන්තිය වුයේ මතුගම ප්‍රදේශයේ පදිංචි අනුෂා හර්ෂනී පෙරේරා.
සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැර දිනපතා නරඹන ඔබට "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමට ඔබට අවස්ථාව උදාවනු ඇති.
මේ සඳහා ඔබ කලයුත්තේ සතියේ දින පහේදී රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැරේදී විකාශනය වන ටෙලිනාට්‍ය පහ නරඹන අතරතුරදී එක් එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට අදාල නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් SMS එවීමයි.