Gossips

වැව් ප්‍රතිසංස්කරණයට මුවාවී වන විනාශයක් සිදු කිරීමේ සූදානමක්

පොල්පිතිගම – කුඹුක්කඩවල මහ වැවේ, වැව් බැම්මෙහි පිහිටා ඇති කුඹුක් ගස් 150 කට ආසන්න ප්‍රමාණයක් කපා දැමීම සඳහා සලකුණු කර ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
ඔවුන් පෙන්වාදෙන්නේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට මුවාවී මෙම වන විනාශය සිදු කිරීමේ සූදානමක් පවතින බවයි.
පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුක්කඩවල මහවැවෙහි රොන්මඩ ඉවත්කර එය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇත්තේ මීට වසරකට පමණ පෙරයි.
කෙසේ වෙතත් රොන් මඩ තවමත් වැව තුළ ගොඩගසා තිබෙනවා.
එවන් වාතාවරණයක් තුළ වැව් බැම්මෙහි තිබෙන කුඹුක්ගස් 150 කට ආසන්න සංඛ්‍යාවක් සහ තවත් ගස් කිහිපයක අංක යොදා සලකුණු කිරීම් සිදුකර තිබෙනවා.
ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණයට මුවාවී මෙම දැවැන්ත ගස් කපා දැමීමේ කූඨ උපක්‍රමයක් ක්‍රියාත්මක කරන බවයි.