Gossips

තිස්පහේ ත්‍රීරෝද රථ වයස කැබිනට් මණ්ඩලයේදී ඉවතට

මගීන් රැගෙන යන ත්‍රිරෝද රථයක් පැදවිය හැකි අවම වයස් සීමාව 35 කරමින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.
එහිදී අදාළ යෝජනාවට එරෙහිව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඇතුලූ අමාත්‍යවරුන් පිරිසක් අදහස් පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් අවසානයේ ජනාධිපතිවරයාද අවධාරණය කර ඇත්තේ ත්‍රිරෝද රථ වෘත්තියේ යෙදීම සඳහා අවම වයස් සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බවයි.
ඒ අනුව ප්‍රවාහන අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව ඉල්ලා අස්කරගත් බවයි රජයේ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර ත්‍රිරෝද රථ නියාමනය කිරිම සඳහා කොමිසමක් පත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.