Gossips

ගල්ඔය රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප)

හබරණ ගල්ඔය රක්ෂිතයේ අද (21) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
මේ ගින්නෙන් රක්ෂිතයේ අක්කර 100 ක වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මින්නේරිය කලාප කාර්යාල නිලධාරින් පවසන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
පොලොන්නරුව මහා නගර සභා ගිනි නිවීම් ඒකකය, වන ජීවී දෙපාර්තුමේන්තු නිලධාරින් සහ යුධ හමුදාව එක්කව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

(ඡායාරූප – පොලොන්නරුව රොෂාන් තුෂාර )