Gossips

අග්‍රාමාත්‍යවරයා තව දුරටත් එම ධුරයේ රැඳී සිටිය යුතුද ? නැද්ද ?

පසුගිය 10 වනදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ මෙරට දේශපාලනය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
පළාත් පාලන ආයතන 340 ක් වෙනුවෙන් පැවති මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 239 ක බලය තහවුරු කර ගැනීමට සමත් වුණා.
එක්සත් ජාතික පක්ෂයට ආයතන 42 ක බලය හිමි වූ අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි ආයතන 38 ක බලය හිමිකර ගත්තා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූයේ ආයතන 07 ක බලය පමණයි.
මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ අග්‍රාමාත්‍ය ධුරය පිළිබඳව ද දැඩි කතාබහක් මතුව තිබෙනවා.
මෙහිදී ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්විය යුතු බවටයි.
මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය අග්‍රාමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබුවා.
එහිදී ඔවුන් තීරණය කර තිබුනේ තනිව ආණ්ඩුවක් පිහිටුවීමටයි.
අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉවත්ව යාහැකි බවට ද ඔවුන් ප්‍රකාශකර තිබුනා.
මෙවැනි තත්වයක් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ද ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගත හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කර රජයක් පිහිටුවිය යුතු බවයි.
මෙවැනි වාතාවරණයක් තුල අග්‍රාමාත්‍යවරයා තවදුරටත් එම ධුරයේ රැඳී සිටිය යුතුද ? නැතිනම් ඉල්ලා අස්විය යුතුද? යන්න සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් විමසීමට හිරු අපි කටයුතු කළා.
මේ එහිදී මහජනතාව දැක්වූ අදහස්.