Gossips

ශ්‍රී ලංකාව සහ ජපානය ආරක්ෂක ගිවිසුමකට සැරසේ

දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරී ඔනොදෙරා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ දෙරට අතර සමුද්‍රීය ආරක්ෂාව පිලිබදව සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරගැනිම සදහා ජනාධිපතිවරයා සහා ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ජාවක් පැවත්වුන බවයි.
එසේම දෙරට අතර ආරක්ෂක සබදතා තර කරගැනිමට ක්‍රියාකරමින් ආරක්ෂක අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනිම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා.
එසේම ත්‍රිකුණාමල වරාය සංවර්ධනය සඳහා ජපානයේ සහාය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ගාල්ල, බද්දේගම මහජන ක්‍රීඩාංගනයේ අද පැවති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ කිසිවිටෙක වත්මන් ආණ්ඩුව විදේශිකයන්ට ඉඩම් අලෙවි කර නොමැති බවයි.