Gossips

ඇල්පිටියේ පුංචි ඡන්දය නැවැත්වූ පෙත්සම කල් යයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය පැවැත්වීමට එරෙහි ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීම ලබන අප්‍රේල් මස 3 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.
එදිනට විරෝධතා ගොනුකරන ලෙසයි වග උත්තරකරුවන්ට නියෝග කෙරුණේ.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් පිරිසක් කරමින් මෙම පෙත්සම ගොනුකළේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණයි.
තම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම මගින් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ඔවුන් එමගින් චෝදනා කර තිබෙනවා.