Gossips

වැලිකඩ ගැටුමෙන් දේපළවලට හානි

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් සහ බන්ධනාගාර නිලධාරින් අතර ඊයේ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාරයේ දේපල වලට දැඩි හානි සිදුව තිබෙනවා.
කාන්තා රැදිවියන් බන්ධනාගාර වහලය මත නැග, එහි උළු ගලවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සදහන් කළේ.
එමෙන්ම, මුගුරුවලින් බන්ධනාගාරයේ දොර – ජනෙල් වලට සහ අනෙක් දේපළවලට පහර දී තිබෙනවා.
ඊයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරින් 08දෙනා සහ කාන්තා රැදවියන් තුන්දෙනා බන්ධනාගාර රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
ඇති වු ගැටුම්කාරි තත්වයත් සමග අත්අඩංගුවට ගත් කාන්තා රැදවියන් 52 නා ඊයේ පස්වරුවේම වෙනත් බන්ධනාගාර වෙත යොමු කර තිබෙනවා.
මේ අතර, බන්ධනාගාර අධීක්ෂණ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ගාල්ලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කලේ බන්ධානාගාර වල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට පියවර ගන්නා බවයි.