Gossips

ජපාන ආරක්ෂක ඇමති, ජනපති හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ආරක්ෂක ඇමති ඉත්සුනෝරි ඔනොදෙරා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුනා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ ජනාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී දෙරට අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය යොමු වූ බවයි.
ජනාධිපතිවරයාගේ පසුගිය ජපාන රාජ්‍ය සංචාරයේදී ඇති කර ගත් එකඟතා ක්‍රියාවට නැංවීමේ ප්‍රගතීන් පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට බඳුන් වී තිබෙනවා.