Gossips

කේරළ ගංජා සමඟ තරුණයින් 5 දෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා ළඟ තබාගෙන සිටි තරුණයන් පස් දෙනෙකු හැටන් සුරා බදු කාර්යාලයේ නිලධාරින් විසින් තලවකැලේ සහ කොටගල යන ප්‍රදේශවලදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (20) සිදුකල වැටලීමේදී සැකකරුවන් ළඟ තිබි අත්අඩංගුවට ගත් කේරල ගංජා ප්‍රමාණය ග්‍රෑම් 13 ක් බවයි සුරා බදු නිලධාරින් පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තලවකැලේ සහ ලිදුල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 -30 අතර වයස් කාණ්ඩ වල පසුවන අය බවයි අප වාර්තාකරු සදහන් කළේ.
සැකකරුවන් පස්දෙනා අද (21) නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.