Gossips

ඉම්රාන් ඛාන්ගේ පත්වීමත් සමඟ පාකිස්ථාන ක්‍රිකට් ආදිපත්‍යයේ හදිසියේම සිදුවූ පෙරළිය

ඉම්රාන් ඛාන් පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමඟ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස නජාම් සේදී කටයුතු කළ අතර ඔහුගේ ඉල්ලා අස්වීම ලිපියක් මඟින් අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2013 වසරේ දී එරට පැවති මහ මැතිවරණයේදි ඇතිවු සිදුවිමක් මුල්කර ගනිමින් නජාම් සේදී මෙලස සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සඳහන්.
නජාම් සේදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ කාලය තුල පාකිස්ථාන කණ්ඩායම ICC ශුරයීන්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමටත් වූ අතර පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිම් හි පළමු ස්ථානයට පැමිණිමටද සමත් වුණා.
නජාම් සේදී ගේ ඉල්ලා අස්වීමත් සමඟ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හිටපු සභාපතිවරයෙකු වන ඉෂාන් මනි ඉම්රාන් ඛාන් විසින් නම්කර තිබෙනවා.