Gossips

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ආනයන, අපනයන පාලක යළි රිමාන්ඩ්

වැලිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් ආනයන අපනයනය දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකවරයා ලබන 04 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අවුරුදු 10ක් පමණ පැරණි ජපන් වාහන දෙකක් ගෙන්වා ගැනීම සඳහා ව්‍යාපාරිකයෙකුට අවස්ථාව සලසා දීමට රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පසුගිය දා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.