Gossips

නැවතත් කිම් ජොං අන් හමුවන්න ට්‍රම්ප් සූදානම්

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් තොර කලාපයක් බවට පත් කරලීම සහතික කිරීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් නැවත හමුවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ පසුගිය ජුනි 12 වනදා සිංගප්පූරුවේ පැවති ඓතිහාසික සමුළුවෙන් පසු න්‍යෂ්ටික අවි හරණය උදෙසා උතුරු කොරියාව පියවර රැසක් ගෙන ඇති බවයි.
කෙසේ නමුත්, කොරියානු අර්බුදය සම්බන්ධයෙන් චීනයෙන් පෙර පැවති සහයෝගය නොලැබෙන බව සඳහන් කළ ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ වෙළද යුද්ධය ඊට හේතුවක් විය හැකි බවයි.