Gossips

වැල්ලේ මැවුණු මුරුගන් දෙවියෝ (ඡායාරූප)

යාපනය – නල්ලූර් කෝවිලේ ඉදිරිපස අංගනයේ වැලි මත මුරුගන් දෙවියන්ගේ වැලි කැටයම් නිර්මාණය කර තිබෙනවා.
නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් දේව පූජාවන් පවත්වන අවස්ථාවේ කෝවිලේ ඉදිරිපස අංගනයේ මෙලෙස වැලි කැටයම් නිර්මාණය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වැලි මත නිර්මාණය වූ මෙම වැලි කැටයම් නැරඹීමට බැතිමතුන් විශාල වශයෙන් සහභාගි වී සිටි බව සඳහන්.
පසුගිය 15 වනදා ආරම්භ වූ නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍ය ලබන මස 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.


ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය