Gossips

ළහිරු වීරසේකර, ටැම්පිටියේ සුගතානන්ද හිමි 28 තෙක් රිමාන්ඩ්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද (15) කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි.
පසුගිය 25 වනදා කොළඹ පැවති පා ගමන අතරතුර අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාවට සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.