Gossips

අන්තරේ පා ගමනට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ දී අද (21) සංවිධාන කර ඇති විරෝධතා පා ගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණය වෙතින් නියෝගයක් ලබාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අදාළ පා ගමන මහජනතාවට පීඩාකාරී නොවන අන්දමින් සහ රාජ්‍ය දේපළවලට හානි සිදුනොවන ලෙස පැවැත්විය යුතු බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බවයි.