Gossips

දේශීය ක්‍රීඩකයින් එකට ගැටෙන අන්තර් පළාත් 20-20 තරඟාවලිය අද

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් පන්දුවාර විස්‌සයි විස්‌ස තරඟාවලිය අද (21) ආරම්භ වනවා.
ඒ අනුව තරඟාවලිය ආරම්භ කරමින් කොළඹ කණ්‌ඩායම සහ ගාල්ල කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී තරඟ බිමට පිවිසීමට නියමිතයි.
තරඟය අද (21) පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිත අතර තරඟාවලියේ දෙවන තරඟය ලෙස මහනුවර කණ්‌ඩායම සහ දඹුල්ල කණ්‌ඩායම අතර පස්වරු 7.00ට ආරම්හ වන්නේ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීමයි.
මෙම තරඟාවලියට කණ්ඩායම් 04ක් එක්වන අතර කොළඹ කණ්‌ඩායම දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවන අතර ගාල්ල කණ්‌ඩායම සුරංග ලක්‌මාල් විසින් මෙහෙයවනු ලබනවා.
මහනුවර කණ්ඩායමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්‌ට හිමව ඇති අතර දඹුල්ල කණ්ඩායමේ වගකීම තිසර පෙරේරාට හිමිව තිබෙනවා.
පළමු තරඟය සඳහා අද දින එක්වන ගාල්ල කණ්‌ඩායමට ජාතික කණ්‌ඩායමට සුරංග ලක්‌මාල්, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්‌වැල්ල, කුසල් මෙන්ඩිස්‌, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර යන ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වනවා.
කොළඹ කණ්‌ඩායමට උපුල් තරංග සහ අකිල ධනංජය පමණක්‌ ඇතුළත්ව ඇති අතර අනෙක්‌ ක්‍රීඩකයන් ජාතික කණ්‌ඩායයේ ස්ථිර තැනක් හිමිකර ගැනීමට නොහැකිව ඇති ක්‍රීඩකයින්.
ලසිත් මාලිංග, දසුන් ශානක, කුසල් පෙරේරා, ළහිරු තිරිමාන්න, ලහිරු ගමගේ මහනුවර කණ්‌ඩායම නියෝජනය කරන අතර තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්‌ඩායමට ධනුෂ්ක ගුණතිලක, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන යන ක්‍රීඩකයින් ඇතුළත්ව සිටිනවා.
ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම තරඟාවලියේ එක්‌ කණ්‌ඩායමක්‌ ප්‍රතිවාදි කණ්‌ඩායම සමඟ තරඟ 02ක් ක්‍රීඩා කරනු ලබනවා.
ඒ අනුව සමස්‌ත තරඟ 12 ක්‌ අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින කණ්‌ඩායම් දෙක අවසන් මහා තරඟයට එක්වනු ඇති.
ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි වූවන්ට සහ අලුතින් ජාතික කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ හිමිකරගැනීමට උත්සහ කරන ක්‍රීඩකයන්ට මෙම තරඟාවලිය වැදගත් තරඟාවලියක් වීමද විශේෂත්වයක්.
කොළඹ :-
Dinesh Chandimal (Capt.), Upul Tharanga (Vice Capt.), Mahela Udawatte, Avishka Fernando, Sachithra Serasinghe, Shammu Ashan, Lasith Abeyratne (WK), Kamindu Mendis – U19, Chathuranga de Silva, Akila Dananjaya, Lasith Ambuldeniya, Ashen Bandara U19, Nuwan Pradeep, Asitha Fernando, Shehan Jayasuriya, Rashmika Dilshan – U19, Priyamal Perera, Jeevan Mendis, Vishwa Chathuranga, Lahiru Madushanka, Nimsara Attanagalla.
දඹුල්ල :-
Thisara Perera (Capt.), Dilruwan Perera (V. Capt.), Sadeera Samarawickrema (WK), Ruvinudu Gunasekera, Ashan Priyanjan, Ramesh Mendis, Minod Banuka (WK), Nipun Karunanayake, Wanindu Hasaranga, Ramith Rambukwella, Isuru Udana, Lakshan Sandakan, Amila Aponso, Sehan Madushanka, Dilesh Gunaratne, Danushka Gunathilaka, Vikum Sanjaya, K.K. Kevin – U19, Nawanidu Fernando, Irosh Samarasuriya.
ගාල්ල :-
Suranga Lakmal (Capt.), Dimuth Karunaratne (V. Capt.), Niroshan Dickwella (WK), Kusal Mendis, Angelo Perera, Asela Gunaratne, Oshada Fernando, Jehan Daniel – U19, Dhananjaya de Silva, Prabath Jayasuriya, Jeffery Vandersay, Nishan Peiris, Lahiru Kumara, Kasun Rajitha, Dushmantha Chameera, Vimukthi Perera, Lahiru Milantha, Nishan Mathuska – U19, Mohamed Dilshad, Kasun Madushanka, Shan Archchige.
මහනුවර :-
Angelo Mathews (Capt.), Dasun Shanaka (V. Capt.), Sadun Weerakkody (WK), Kusal Janith Perera (WK), Charith Asalanka, Dananjaya Lakshan – U19, Lahiru Thirimanne, Sachith Pathirana, Nisala Tharaka, Malinda Pushpakumara, Janaka Sampath, Praveen Jayawicreme – U19, Vshwa Fernando, Lasith Malinga, Thikshila De Silva, Nipun Ransika- U19, Bhanuka Rajapaksa, Janith Silva, Camila Karunaratne, Lahiru Gamage, Kaveesha Anjula.