Gossips

කොල්ලයකට පැමිණි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු STF අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ලකෑමකට පැමිණි, පානදුර කොට්ඨාශ වැටලීම් ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව අද (21) අලුයම ඔවුන් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී සැකකරුවන් සතුව ගිනි අවි ද තිබූ බව සඳහන්.
අත්අඩංගුවට ගත් සෙසු සාමාජිකයින් දෙදෙනා පාතාල කල්ලි සාමාජිකයින් වන බවටයි දැන සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.