Gossips

මගී නෞකාවකින් මුහුදට වැටී පැය 10 ක් ජලයේ සිට ජීවිතය බේරාගත් සුරූපී කාන්තාව

මගී නෞකාවකින් මුහුදට වැටී පැය 10 ක් ජලයේ සිට ජීවිතය බේරාගත් සුරූපී කාන්තාව "
මගී නෞකාවකින් මුහුදට ඇද වැටුණු කාන්තාවක් බේරාගත් සුවිශේෂ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස වාසනාවන්ත ලෙස දිවිබේරාගැනීමට සමත්ව ඇත්තේ 46 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්.
අනතුර සිදුව ඇත්තේ ක්‍රොයේෂියාවට අයත් අද්‍රියාතික් මුහුදේදී බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
නෞකාවේ පසුපසින් තමන් මුහුදට ඇදවැටුණු බවයි බේරාගත් කාන්තාව ප්‍රකාශ කරන්නේ.
කෙසේ වෙතත් මෙම කාන්තාව මුහුදට වැටී පැය 10 එහි නිරුපද්‍රිතව රැඳී සිටීම සුවිශේෂී සිද්ධියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරෙන් පසුව ගොඩබිමේ සිට සැතපුම් 60 ක් පමණ දුර සිටියදීයි මුදවාගැනීමේ නිලධාරීන් විසින් ඇය බේරාගෙන ඇත්තේ.
මෙවැනි අනතුරුවලින් දිවි බේරාගැනීමට ස්වභාවධර්මයේ සුවිශේෂ වෙනස්වීම් උපයෝගී වන බවයි විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ.
දුෂ්කර පරිසරයන් තුළ දිවි ගලවා ගැනීම පිළිබඳ විශේෂඥ මහාචාර්ය මයික් ටිප්ටන් ප්‍රකාශ කරන්නේ උණුසුම් සහ නොකැළඹුණු ජලයෙන් දිවි ගලවාගැනීමට ඉතා සුදුසුම වාතාවරණයක් තිබී ඇති බවයි.
එරට බලධාරීන් මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.