Gossips

පොල් මිල තවත් පහළට

පොල් මිල නවතම වෙන්දේසියේදී තවදුරටත් කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.
ජුලි මාසයේ පොල් දහසකට රුපියල් 45,000ක මිලක් නියම වුවත් අගෝස්තු මාසයේදී එය රුපියල් 30,793 දක්වා සියයට 30කින් පමණ පහත වැටී ඇති බව සඳහන්.
මේ අනුව මේ වසර මුලදී පැනවුණු පොල් අපනයන තහනම ඉවත් කිරීම පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇති.
මේ වන විට දේශීය වෙළඳපොලේ පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 55 දක්වා පහත වැටී තිබෙනවා.