සේවක සේවිකාවන් 524 දෙනෙකු සහ වෙඩි නොවදින මෝටර් රථ 33ක් ඇතුළු මෝටර් රථ 80ක් සහ හෙලිකොප්ටර් යානා ද රදවා ඇති පාකිස්තාන අග්‍රාමාත්‍ය නිවස අතහැර හමුදා ලේකම්වරයාගේ නිවහන භාවිත කිරීමට නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තීරණය කර තිබෙනවා.
රජයේ වියදම් මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ වියදම් ද අඩු කළ යුතු බවට අදහස් කරන නව අග්‍රාමාත්‍යවරයා මෝටර් රථ දෙකක් හැර වෙඩි නොවදින මෝටර් රථ ඇතුළු අනෙකුත් මෝටර් රථ වෙන්දේසි කිරීමට ද උපදෙස් දී ඇති බව සඳහන්.
අග්‍රාමාත්‍ය නිවස පාකිස්තානයේ පර්යේෂණ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම ඉම්රාන් ඛාන්ගේ අදහසයි.
ඔහු සිය අමාත්‍ය මණ්ඩලය ද 20 දෙනෙකුට සීමා කිරීමට පියවර ගනු ලැබුවා.