Gossips

ආනමඩුවේ රිය අනතුරකින් දෙදෙනෙකුට බරපතලයි

ආනමඩුව තල්ගස්වැව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අද (20) අනතුරකින් එම රථයේ ගමන් කළ සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඔවුන් මේ වනවිට පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.
අනතුර පිලිබඳ ආනමඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.