Gossips

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ භූ කම්පනයෙන් මියගිය ගණන 10 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය ගණන පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුවූ රික්ටර් පරිමාණ 6.9 ක භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක්ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය දින කිහිපයේම ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ සිදුවූ භූ කම්පනවලින් පුද්ගලයින් 300 කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වුණා.