Gossips

ආණමඩුව හෝටල් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ඇතුලු තිදෙනෙක් පොලිස් දැලේ

පුත්තලම – ආනමඩුව – ආඩිගම නගරයට ආසන්නයේ පිහිටි හෝටලයකට, ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ ආධාරකරුවන් පිරිසක් පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (20) අලුයම අත්අඩංගුවට ගත් මොවුන් ආඩිගම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලීිසිය වැඩිදුරටත් කියා සිටියේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවද පොලිසිය සඳහන් කළා.
පෙරේදා රාත්‍රියේ ආයුධ සන්නද්ධ පුද්ගලයන් සිව්දෙනෙකු පැමිණ ආණමඩුව – අඩිගම ප්‍රදේශයේ හෝටලයක දේපළවලට මෙලෙස දැඩි අලාභහානි සිදුකර තිබුණා.
පසුව අනාවරණ වූයේ මෙම සැකකරුවන් රුපියල් ලක්ෂ එකහමාරකට වැඩි මුදලක් ද කොල්ලකා පලාගොස් ඇති බවයි.
ඔවුන් ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ ආධාරකරුවන් පිරිසක් බවටයි ප්‍රහාරයට ලක්වූ හෝටල් හිමිකරු චෝදනා කළේ.
ආනමඩුව පොලීසිය සඳහන් කළේ කට්ටකඩුවේ නිහාල් නැමති ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඇතුළු පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.