Gossips

ඉන්දුනීසියාව යළිත් සෙලවේ

ඉන්දුනීසියාවේ – ලොම්බොක් දිවයින ආසන්නයේ ඊයේ (19) රාත්‍රියේ සිදුවූ රික්ටර් පරිමාණයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් නිවාස 100 කට හානි සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
ඊයේ (19) උදෑසන ද ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ 6.3 ක භූ කම්පනයක් සිදුවූ අතර, ඉන් අනතුරුව පසුකම්පන 5 ක් පමණ සිදුවුණා.
මීට සති දෙකකට පමණ පෙර රික්ටර් පරිමාණයේ 6.9 ක ප්‍රබල භූ කම්පනයක් එම ප්‍රදේශයේ සිදුවූ අතර ඉන් පුද්ගලයින් 400 ක් පමණ ජීවිතක්ෂයට පත්වුණා.