Gossips

දේශීය අර්තාපල් ගොවීන්ට ඉහළ ආදායමක්

ආනයනික අර්තාපල් කිලෝවක් සදහා රුපියල් 40ක තීරු බද්දක් පැනවීමෙන් අනතුරුව දේශීය අර්තාපල් කිලෝවක් මේ වන විට රුපියල් 140ත් , 160ත් දක්වා මිලකට ගැනුම්කරුවන් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ දේශීය අර්තාපල් ගොවීන්ට සිය නිෂ්පාදන සදහා ඉතිහාසයේ මෙතෙක් ලද ඉහළම මිල මෙම අස්වනු නෙලීමේ කාලය තුලදී ලැබී ඇති බවයි.