Gossips

හික්කඩුව මුහුදේදි අනතුරට පත් ධීවරයින් 11 දෙනා සොයා මෙහෙයුම්

අම්බලන්ගොඩ ධීවර වරායෙන් 11 දෙනෙකු සමඟ පිටව ගිය ධීවර යාත්‍රාවක් හික්කඩුවට ආසන්න මුහුදු සීමාවේදී අනතුරට ලක්ව තිබෙනවා.
එම යාත්‍රාව සොයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ නාවික හමුදාව මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඊට ගුවන් හමුදාවෙන් ද සහය ඉල්ලා ඇති බව සඳහන්.
ඊයේ පෙරවරුවේ ගමන් ආරම්භ කළ මෙම ධීවර යාත්‍රාව දිය රළකට හසුවී අනතුරට ලක්ව ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
මෙම යාත්‍රාවේ ධීවරයන් ඊයේ පස්වරුවේ තම ඥාතීන්ට ජංගම දුරකථනයෙන් අමතා තමන් අනතුරට ලක්ව ඇති බවටයි දැනුම්දී ඇති අතර, අනතුරුව ඊයේ රාත්‍රි 9 න් පසු මොවුන් සමඟ පැවති දුරකථන සම්බන්ධතා බිඳවැටී තිබෙනවා.