Gossips

වෙනත් පුරුෂයෙකු සමඟ නිවසේ තනිවූ මව ගැන පුතාගෙන් ලැබුණු ඇමතුමෙන් පසු මොරටුවේ ඉඳන් තලාවට පැමිණි පියා කළ අපරාධය

වෙනත් පුරුෂයෙකු සමඟ නිවසේ තනිවූ මව ගැන පුතාගෙන් ලැබුණු ඇමතුමෙන් පසු මොරටුවේ ඉඳන් තලාවට පැමිණි පියා කළ අපරාධය
සිය බිරිඳට පහරදී හීටරයක්‌ රත්කර ඇයගේ සිරුර පුළුස්‌සා තුවාල සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙක් ලබන 30 වනදා දක්වා අක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ සැකකරු ඊයේ (19) තඹුත්තේගම මහේස්‌ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ තලාව, මීගස්‌සෑගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි තලාව පොලිසිය පැවසුවේ.
පසුගිය 16 වනදා රාත්‍රියේ සිය මව වෙනත් පුද්ගලයෙකු සමඟ නිවසේ කාමරය සිටින බවට වැඩිමහල් පුත්‍රයා විසින් සිය පියාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසා තිබෙනවා.
සිය පුත්‍රයාගේ දුරකථන ඇමතුමට අනුව මොරටුව ප්‍රදේශයේ සේවය කරමින් සිටි තමන් එදිනම රාත්‍රියේ තලාවේ පිහිටි නිවසට පැමිණි බවත් එම අවස්ථාවේදීත් බිරිඳ නිවසේ නොසිටි බව සැකකරු පොලිසියට පවසා ඇති බව සඳහන්.
අනතුරුව කළ සොයා බැලීමේදී ඇය ඥතී නිවසක සැඟවී සිටියදී සොයාගත් බව සැකකරු පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබෙනවා.
සැකකරු පොලිසියට වැඩිදුරටත් පවසා ඇත්තේ බිරිඳ සිදුකළ ක්‍රියාවට කෝපයට පත්ව ඇයගේ අතපය බැඳ පහර දී හීටරය රත්කර ඇයගේ ශරීරයේ ස්‌ථාන කීපයක්‌ පුළුස්සා ඇගේ කොණ්‌ඩයද කැපූ බවයි.
සිදුවීම සම්බන්ධයෙන් තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර පහර කෑමට ලක්‌වූ බිරිඳ මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි තලාව පොලිසිය සඳහන් කළේ.