Gossips

රාජ්‍ය ඡායාරූප උළෙල ජනපතිගේ ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

රාජ්‍ය ඡායාරූප උළෙල ඊයේ (19) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව රාජ්‍ය ඡායාරූප උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබනවා.
ඡායාරූප ශිල්පය ප්‍රශස්ත තලයට ඔසවා තබා ජාතික සහ ජාත්‍යන්තර තලයට රැගෙන යාම වෙනුවෙන් මෙහෙවරක නියැලෙන ඡායාරූප ශිල්පීන් අගයමින් සම්මාන පිළිගැන්වීම මෙහිදී සිදුවුණා.
ඒ අනුව ඡායාරූප ශිල්පියෙකුට ජීවිත කාලයේදී එක් වරක් පමණක් හිමිකර ගත හැකි ඡායාරූප අභිමානී, යාවජීව සම්මානයෙන් ප්‍රවීණ ඡායාරූප ශිල්පී හෙන්රි රාජකරුණා එහිදී ජනාධිපතිතුමා අතින් පිදුම් ලැබුවා.