Gossips

මත්ද්‍රව්‍ය ගැන කියන්න දුරකථන අංක 3ක්

මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී මද්‍යසාර පිළිබදව මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම අරමුණු කර ගනිමින් පොලීසිය විසින් විශේෂ දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා.
නියමු ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර පළාතෙන් එය අද (19) ආරම්භ වූයේ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.
ගම්පහ, මීගමුව සහ කැළණිය යන පොලිස් කොට්ඨාශ මූලික කර ගනිමින් මෙහි පළමු අදියර අද (19) දිවුලපිටිය ප්‍රදේශයේදී ආරම්භ වුණා.
ඒ අනුව මීගමුව පොලිස් කොට්ඨාශය සඳහා 0713 680 001 යන දුරකථන අංකයට ද ගම්පහ පොලිස් කොට්ඨාශයට 0713 210 001 යන දුරකථන අංකය ඇමතීමෙන් අදාළ තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.
මීට අමතරව 0713 580 001 යන දුරකථන අංකය ඇමතීමෙන් කැළණිය පොලිස් කොට්ඨාශයේ මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මධ්‍යසාර පිළිබඳ තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.