Gossips

අයහපත් කාලගුණයෙන් විදුලිබල මණ්ඩලයට ලක්ෂ 50ක අලාභයක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට පවතින තද වැසි සහ සුළං හේතුවෙන් විදුලි රැහැන් සහ විදුලි කණු කඩා වැටීම හේතුවෙන් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පමණක් රුපියල් ලක්ෂ 50 පමණ පාඩුවක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ගිනිගත්හේන ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු පුෂ්පික දිසානායක සදහන් කළේ 2013 වසරෙන් පසු මණ්ඩලයට සිදුවූ විශාලතම අලාභය මෙය බවයි.