Gossips

ආනමඩුව හෝටලයකට මහ රෑ ප්‍රහාරයක්

පුත්තලම – ආනමඩුව – ආඩිගම නගරයට ආසන්නයේ පිහිටි හෝටලයකට ආයුධ සන්නද්ධ පිරිසක් ඊයේ (18) රාත්‍රියේ පහර දී තිබෙනවා.
පහරදීමෙන් හෝටලයේ දේපළවලට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව පහරදීමට පැමිණි පුද්ගලයින් රුපියල් ලක්ෂ එක හමාරකට වැඩි මුදලක් ද කොල්ල කා පළා ගොස් තිබෙනවා.
පහරදීම සඳහා කඩු, මුගුරු රැගත් පුද්ගලයින් 04 දෙනෙකු පමණ පැමිණ ඇති බවයි හෝටලයේ හිමිකරු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කලක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට ද ඔහු චෝදනා කරනවා.
මෙම පහරදීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ආනමඩුව පොලීසියෙන් විමසීමක් කළා.
එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කට්ටකඩුවේ නිහාල් නැමති ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඇතුළු පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
ඔහු ඇතුළු එම පිරිස ප්‍රදේශය අතහැර පළා ගොස් ඇති බැවින් අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් විමර්ශන සිදුකරන බව ද ඔහු සඳහන් කළා.