Gossips

පුත්තලම වෙරළෙන් මතුවූ ඉන්දීය කසල මන්නාරමටත් ගොඩ ගසයි (ඡායාරූප)

මන්නාරම, පුනරීන්, තලෙයිමන්නාරම යන වෙරළ තීර වලට ද ඉන්දියානු සමාගම්වල ලිපිනයන් සඳහන් ලේබල සහිත අපද්‍රව්‍ය තොග ගොඩ ගසා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එම අපද්‍රව්‍ය තොග හෙට දිනයේ විශේෂ කණ්ඩායමක් යොදවා ඉවත් කිරීමට ද කටයුතු යොදා ඇති බවයි.
මීට පෙර පුත්තලම – පෙරියපල්ලිය, චින්නපල්ලි, පල්ලියවත්ත, කන්දදූව වැනි ප්‍රදේශවලට ද මෙලෙස සායනික අපද්‍රව්‍ය පසුගිය දින කිහිපයක සිට ගොඩගසා තිබුණා.

ඡායාරූප – වව්නියාව, දිනසේන රතුගමගේ