ලොව පුරා සෑම ප්රදේශයකින්ම පාහේ පැමිණි මිලියන දෙකක ඉක්ම වූ මුස්ලිම් බැතිමතුන් අද හජ් වන්දනා සමය ආරම්භ කරනවා. සෞදි අරාබියේ මැකා නුවරට ඊයේ වන විටත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණ සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඔවුන්ට පහසුකම් සැපයීම සඳහා වෛද්‍යවරුන්, ඖෂධවේදීන්, හෙදියන්, තාක්ෂණිකයන් ඇතුළු 30,000කට අධික පිරිසක් යොදා ඇති බව සෞදි රජය ප්‍රකාශ කළා.
මුස්ලිම් බැතිමතුන්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් හෝ වන්දනා කළ යුතු බවට කුරානයේ සඳහන් 5 දින වන්දනාව සඳහා පැමිණි බැතිමතුන් සඳහා හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන 15ක් සහ රෝහල් 22ක් ද ස්ථාපිත කර තිබෙනවා.