Gossips

සැමියා නිසා අවසන් ගමන් ගිය දෙදෙරු මව

කිලිනොච්චිය, වට්ටකච්චි ගෙවල් දහය ප්‍රදේශයේ දී ඊයේ (14) සවස කාන්තාවක් ඝාතනය කර ඇති බව වාර්තා වනවා.
කිලිනොච්චිය පොලිසිය පැවසූවේ බාස්කරන් නිරෝෂා නමැති 24 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.
ගෙල කපා ඝාතනය කර ඇති මෙම කාන්තාව දෙදරු මවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
නිවසේ මුළුතැන්ගෙයි තිබි අදාළ කාන්තාවගේ තුවාලලත් සිරුර සොයාගෙන ඇති අතර ඇය කිලිනොච්චිය රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසනේ.
මියගිය කාන්තාවට වයස අවුරුදු හතක සහ වයස අවුරුදු එකහාමාරක දරුවන් දෙදෙනෙකු සිටින බව සඳහන්.
ඝාතනයට ලක්වූ කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා අතර නිරත ගැටුම් ඇතිවී තිබෙන බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.